× About Services Clients Contact

ඔබගේ සැලොන් එකට එන පාරිභෝගිකයන්ට ඇත්තටම ඕන මොනවද?

වර්තමානය වන විට රූපලාවන්‍ය සත්කාර සේවය සඳහා හොඳ ඉල්ලුමක් ඇති බව දැකගන්න පුළුවන් වගේම ඒ ඉල්ලුම සපුරන්න රූපලාවන්‍යාගාර රැසක් දිවයින පුරාම සේවය සපයයි. මේ පවතින තරඟකාරී සේවා වෙළදපොලේ දිගටම රැදි සිටීමටනම් පාරිභෝගික අවශ්‍යතා නිවැරදිව හදුනාගෙන නොනවතින ගමනක් යා යුතුයි. පාරිභෝගිකයන් salon appointment එකක් දමා ගැනීමට පෙර ලබාදෙන සේවාව ගැන විතරක්ම නෙවෙයි අවධානය දෙන්නේ, පහසුව, වෘත්තීයභාවය, විශ්වාසනීයත්වය, ගුණත්මකභාවය සහ පවතින trend එක වැනි සාධකත් සලකා බලනවා. 

තාක්ෂණය අද වනවිට අපගේ දෛනික ජීවිතයේ විශාල බලපෑමක් සිදු කර ඇත. අප ජීවත් වන්නේ හැමදෙයකම පහසුව සොයන යුගයකයි, මෙය ඕනම ක්ෂේත්‍රයක දකින්න පුළුවන් වර්ධනයක් වන අතර රූපලාවන්‍යාගාර පාරිභෝගියන් ද එයට ඇතුලත් වේ. බොහෝ පාරිභෝගිකයන් මාර්ගගත වෙන් කරගැනීම් (online booking) සඳහා යොමුවීමේ ප්‍රවණතාවයක් දැකිය හැකිය. මෙය රූපලාවන්‍යාගාර ක්ෂේත්‍රයේ විශේෂ වාසි ගෙන එන අතර, පාරිභෝගික සම්බන්ධතා සහ ආදායම් වර්ධනය සඳහා මූලික වේ.

Beauty salons තවදුරටත් සාම්ප්‍රදායක haircut හෝ facial සේවා සැපයීමක් පමණක් සිදුනොකරන අතර, manicure, pedicure, skin care හා wellness වැනි පුළුල් පරාසයක සේවාවන් සඳහා කේන්ද්‍රස්ථානයක් බවට පත්වෙමින් තිබේ. සේවාදායකයන්ගේ අවශ්‍යතා සහ ඔවුන්ගේ කැමැත්ත පළමුව තේරුම් ගැනීම ඉහළ තරඟකාරීත්වයක් සඳහා ඉතා වැදගත් වේ. මේ සදහා වෙළඳපොල පවතින අවස්ථා හදුනාගැනීම සදහා මෑතකදී  ආසියානු කලාපය පුරා රූපලාවන්‍ය ක්ෂේත්‍රය ආශ්‍රිතව සිදු කරන ලද සමීක්ෂණ කිහිපයක් ආශ්‍රයෙන් විස්තරාත්මකව පරික්ෂා කරමු. 

Salon Online Booking Systems පාරිභෝගික වර්ධනයට වැදගත් ඇයි?

සැලෝන් ක්ෂේත්‍රයේ සිදුවුන වඩාත්ම වැදගත් වෙනස්වීම්වලින් එකක් වන්නේ පාරිභෝගිකයන් online booking systems වෙත යොමු වීමයි. මේ තුළින් සේවාලාභීන්ට දුරකථන ඇමතුම් හෝ පෝලිමේ සිටීමේ කරදරයකින් තොරව ඔවුන්ගේ පහසුව පරිදි  salon appointment එකක් book කරගන්න වගේම අවලංගු කිරීමට වැනි පහසුකම් සලසයි. නමුත් බොහෝ රූපලාවන්‍යාගාරහිමියන් මෙම ඔන්ලයින් බුකින් සදහා පාරිභෝගික මනාපය පිළිබදව චකිතයක් දක්වයි. යම් හෙයකින් එවැනි චකිතයක් දක්වයි නම් පහත දත්ත මගින් ඔබට එය පලවා හැර ගත හැකියගනුදෙනුකරුවන්ට පහසුවෙන් හසුරුවාගත හැකි interface එකක් තිබීම.

  • සේවාලාභීන්ගෙන් 78% ක් salon appointments සදහා online booking භාවිතය තෝරා ගන්නා බව  2023 දී StyleSeat විසින් කරන ලද පාරිභෝගික චර්යා වාර්තාව මගින් පෙනියයි.

  • ඔන්ලයින් බුකින් භාවිතය මගින් පාරිභෝගිකයන් දුරකථන වෙන්කරවාගැනීමකට සාපේක්ෂ මිනිත්තු 8-12ක්  ඉතිරි කර ගැනීමකට හැකියාව ඇති බව සොයාගෙන ඇත.

  • Beauty Connect Asia විසින් 2023 දී සිදු කළ කලාපීය අධ්‍යයනය අනුව online booking systems භාවිතා කරන රූපලාන්‍යාගාරයන්හි පාරිභෝගික තෘප්තිමත් අනුපාතය 92%ක් වන අතර, සාම්ප්‍රදායික ක්‍රමවලට පදනම්ව ක්‍රියාත්මක වන සැලෝන්වල එය 76%ක් පමණයි.

  • Online booking systems පහසුකම සපයන රූපලාවන්‍යාගාර වල පාරිභෝගිකයන්ගේ නැවත පැමිණීමේ ප්‍රතිශතය 68% වන අතර සාම්ප්‍රදායක ක්‍රම භාවිතා කරන රූපලවන්‍යාගාරවල මෙය 45% වැනි අඩු අගයක් ගනියි.

  • ආසියාව තුළ online booking systems විශේෂයෙන් ජනප්‍රිය වෙමින් පවතියි. Cosmetology Market Insights Asia (2024) අනුව, එම ප්‍රදේශයේ සැලොන් 45%ක් අවසන් අවුරුදු දෙක තුළ online booking systems හඳුන්වා දී ඇත. මෙම systems භාවිතා කිරීම, පාරිභෝගිකයින්ගේ පහසුව සහ කාර්යක්ෂමතාව අවශ්‍යතාවයන් මත සිදු වී තිබේ.

  • ආසියාව තුළ salon online booking systems තුළින් කැපී පෙනෙන සාර්ථකත්වයක් අත්කර ගෙන ඇති අතර බොහෝ සැලෝන්වල ආදායමේ 35% දක්වා වැඩි වීමක් වාර්තා කරයි.  මෙම කලාපයේ තවත් සැලෝන් මෙම online booking systems භාවිතා කරන බැවින් මෙම trend එක දිගටම පවතිනු ඇතැයි අපේක්ෂා කරයි.

සේවාදායකයන්ගේ අවශ්‍යතා හඳුනාගන්න

  • ගනුදෙනුකරුවන්ගේ පහසුව ප්‍රධාන කර ගැනීම  සංඛ්‍යාලේඛනවලින් අප දැක ඇති ආකාරයට, පහසුව යනු පාරිභෝගිකයින් සැලුන් online bookings තෝරා ගැනීමට පොළඹවන ප්‍රධාන සාධකයකි. එනම් ගනුදෙනුකරුවන්ට තවදුරටත් දුරකථන ඇමතූම්, ලබා ගැනීමට රැඳී සිටීමට හෝ සංකීර්ණ booking systems තුළ කාලය නාස්ති කිරීමට ඉදිරිපත් නොවේ.

  • කාර්යක්ෂමතාවයක් ඇති කරගැනීම
    පාරිභෝගිකයින් දිනෙන් දින දැනුමින් සන්නද්ධ වෙමින් කටයුතු කරන අතර යම් යම් සේවාවන් කාලය නොයවා පහසුවෙන් ඉක්මනින් ලබා ගැනීමට බලාපොරොත්තු වෙයි. එහිදී online bookings මඟින් පාරිභෝගිකයින්ට වැඩි කාලයක් ඉතිරි කර ගනිමින්, දිගු දුරකථන සංවාදවලින් මිදීමට හැකි වේ. එමෙන්ම, මෙමඟින් සැලෝන්වල කාර්යයන් සඳහා වැඩි කාර්යක්ෂමතාවයක් ලබා දෙන අතර, salon bookings පහසු කරයි. එම ඉතිරි කරන කාලය සහ පහසුව තුළින් පාරිභෝගිකයන්ගේ තෘප්තිය වැඩි කිරීමට කටයුතු කල හැකිය.
  • පාරිභෝගික විශ්වාසය රැකගැනීම.
    බුකින් සිස්ටම් එකක් මගින් පාරිභෝගිකයන්ට තම වෙන්කරවාගැනීම විශ්වාසනීය ලෙස තහවුරු කරගැනීමට හැකියාව ඇති අතර ඔවුන්ට තම booking history manage  

වෙළදපොල තරඟය හඳුනාගන්න.

  • ප්‍රදේශීය ප්‍රවණතා ගැන දැනුවත් වීම
    ඔබේ ප්‍රදේශයේ ඇති market trends ගැන අවධානයක් දෙමින් ඒ අනුව ඔබේ සේවා වෙනස් කර ගත හැකිය. උදාහරණයක් ලෙස, ඔබේ සැලෝන් එක තරුණ වෘත්තීකයින් හෝ තාක්ෂණය හොඳින් දන්නා පාරිභෝගිකයින් සිටින ප්‍රදේශයක තිබේ නම්, online booking systems සඳහා මුදල් වැය කිරීම වැදගත් වේ.

  • තාක්‍ෂණික වශයෙන් සම්බන්ධ කිරීම:
    අනාගත පාරිභෝගිකයින්ට ඔබේ සේවාවන් සොයා ගැනීමට  පහසු වීම සඳහා, ඔබේ ව්‍යාපාරයට වෙබ් අඩවියක් හෝ සමාජ මාධ්‍ය ගිණුම්  ක්‍රියාකාරීව පවත්වාගෙන යන්න.

Salon booking system තෝරා ගැනිමේදි මේ ගැනත් සැලකිලිමත් වන්න

  • ගනුදෙනුකරුවන්ට පහසුවෙන් හසුරුවාගත හැකි interface එකක් තිබීම.

  • ගනුදෙනුකරුවන්ට පහසුවෙන් සැලෝන් තුළින්  නැවත වේලාවක් වෙන්කර ගැනීමට (reschedule) හෝ වෙන්කිරීම් අහෝසි කිරීමට (cancel) පහසුව ලබා දීම.

  • ගනුදෙනුකරුවන් සැලෝන් වෙත නොපැමිණීම (no-shows) අඩු කිරීමට, තහවුරු කිරීමේ (confirmation) සහ මතක් කිරීමේ (reminder) පහසුකම ලබා දීම.

  • 24*7 වෙන්කිරීම් පහසුකම පැවතිම.

ඔබේ රූපලාවන්‍යාගාරය සඳහා විශ්වාසනීය සහ පරිශීලක හිතකාමී (user-friendly) online booking system එකක් අවශ්‍යයිනම්, Salonreserve  ඒ සදහා හොඳම විසඳුමයි. ලංකාවේ පවතින එකම salon booking system එක වන Salonreserve booking system එක මගින් ඔබේ රූපලාවන්‍යාගාරයට නව වටිනාකමක් ලබාදෙන අතර ඔබේ පාරිභෝගිකයන් තෘප්තිමත් කිරීමට හැකියාව ලැබේ. මෙමඟින්,

  • ඔබේ ව්‍යාපාරය නමින් ම වෙන්වුණු වෙබ් අඩවියක් නිර්මාණය

  • සපයන සේවාවන් හා විශේෂ පැකේජයන් ප්‍රවර්ධනය 

  • සමාජ මාධ්‍ය ගිණුම් පාලනය 

  • ඔබේ ව්‍යාපාරය අන්තර්ජාලය තුල ප්‍රවර්ධනය  වැනි සේවාවන් රැසක් පහසුවෙන් එකම ස්ථානයකින් සිදුකරගැනීමට අවස්ථාව ලබා දී ඇත. අදම salonreserve සමඟ එකතුවී මෙම අවස්ථාවන් අත්විඳින්න.

0 Comments

No Comment Found

Post Comment